Tuesday, November 26, 2013

(06) නතාලියා ගැබ් ගනියි?

මා ඔබ හමුවට තබන සන්තුෂ් දිසානායකගේ ජීවිත කතාවේ අද ලියැවෙන්නේ ඔහුගේ දුරකතන සංවාද කිහිපයක හඬපට පිටපත් සහ දින සටහන් කිහිපයකි. මෙම තොරතුරු මා සතුව ඇති මේ මොහොතේ, අතීතයේ දිනෙක සන්තුෂ්ගේ චර්යාවන් පැහැදිලි වෙයි. ඉතා දැඩි මානසික ආතතියකින් පෙළෙමින් සිටි බවක් පෙනුනද ඒ පිලිබඳව විමසා සිටි විටෙක ඔහු කිසිවක් පැවසුවේ නැත.



2010.04.04 දින සන්තුෂ් හා නතාලියා අතර සිදුවූ දුරකතන සංවාද

"Santhush, I think we have a problem"

"what is it?"

"I am late by five days !"

"What? මොකද වෙලා තියෙන්නේ?"

"I didn't get my periods yet. I am late by five days."

" Are you usually on time?හැම මාසෙම ඔයාට වෙලාවටම වෙනවද?"

"ඔව්. හරියට ම දවස් 28යි. Once or twice 29 days. කවදාවත් දවස් පහක් late වෙලා නැහැ."

"Dont worry Nat. You will get it soon"

"I hope so bub"

"වැඩිය හිතන එක නවත්වන්න. මේ මාසේ ඔයා ටිකක් වැඩිපුර මහන්සි වුණානේ. අපි තව දවස් කිහිපයක් බලමු. ඔයා කොළඹ ආපුවාම urine test  එක කරමු."

I am frightened bub. What if I am pregnant?

"ඔයා තාම ප්‍රෙග්නනට් නැහැනේ. එහෙම වුණොත් බලමු මොකද කරන්නේ කියලා.

"Ammi is around. I will call you."


2010.04.04 සන්තුෂ්ගේ දිනපොතෙන්
නතාලියා අද දින පැවසූ කරුණක් නිසා මා තිගැස්සී සිටිමි. මගේ සිත නිදහස් නැත. මොහොතේ ඇයගේ බිය තුරන් කිරීමට කතා කළද මගේ බියද ඊට දෙවැනි නැත. ඇය මා නිසා ගැබ්ගෙන නම් සිදුවන්නේ කුමක්ද ? ඇයගේ උවමනාව මත අප අනාරක්ෂිත සබඳතාවක් පැවැත්වූයෙමු. මොහොතේ ආශ්වාදය මත මම ඊට එකඟ වීමි. දැන් එමෙන් දහස් ගුණයක මානසික ආතතියකින් පෙළෙමි. “What if I am pregnanat?“ඇයගේ පැනය මගේ දෙසවන් තුළ දෝංකාර දෙයි.

එය එසේ නම් මා කළ යුත්තේ කුමක්ද? අවිවාහක නතාලියාට දරුවකු ප්රසූත කළ නොහැක. එසේ නම්? මගේ මනසට නැගෙන්නේ විසඳුම් දෙකකි. මා නතාලියා විවාහ කර ගත යුතුය, නැතහොත් ගබ්සාවකට ඇය පොළඹවා ගත යුතුය.

නතාලියා යහපත් කාන්තාවකි. එහෙත් ඇය මගේ බිරිඳ විය හැකිද? අප දෙදෙනා ඇසුරු කිරීමට පටන් ගෙන ගතවී ඇත්තේ මාස කිහිපයක් පමණි. මගේ ජීවිතයේ ඉතිරිය ඇය හා ගත කිරීමට තීරණය කිරීමට තරම් මා ඇය පිළිබඳ දැන සිටිනා තරම ප්රමාණවත් ?

ඇය මගේ ජීවන සහකාරිය ? මගේ ජීවිතයේ සෙසු කොටස බෙදාගත යුත්තේ ඇය සමගද? ජීවිතය සැපවත් වේ ? මගේ දරුවන්ගේ මව විය යුත්තේ ඇය ?

මගේ දෙමාපියන් නතාලියා පිළිගනු ඇත්තේ කෙසේ ? තම පුතණුවන් දික්කසාද වූ කතක් සිය බිරිඳ කර ගැනීමට කිසිදු මවක් කැමැති නොවෙනු ඇත. මගේ සාම්ප්රදායික සිං හල දෙමාපියන් හා බර්ගර් ජාතික නතාලියා කෙසේ පෑහෙනු ඇතිද? එය මට ගැටළුවක් ? මා ස්වාධීන යැයි මම සිතා සිටියෙමි. එහෙත් එය එසේ නොවෙයි ?

ගබ්සාව මෙ සියල්ලෙන් මිදීමට අවස්ථාවක් නොවේ ? එවිට මේ සියළු තීරණ සඳහා මට තවත් කාලය ගත හැකි වනු ඇත. එහෙත් ගබ්සාව පාපයක් නොවේ ? එය සියළු ආගම්වලට විරුද්ධ නොවේ ? මා ආගම් අදහන්නෙක් යැයි මම නොසිතුවෙමි. එහෙත් කලලයක් විනාශ කිරීම මිනිස් කමට නිගා දෙන්නක් ? මෙලොවට ඉපදී සමාජයටවිත් ගැටළුවලට මුහුණ දීමට වඩා කලලයක් ලෙස මෙලොවින් තුරන් වීම වඩා යහපත් නොවේ ? හෙට දිනයේදී නතාලියා මා අමතා "What if I am preganant?"කියා විමසුවහොත් මාහට තවම පිළිතුරක් නැත.

 2010.04.05 සන්තුෂ්ගේ දින සටහන
අද උදෑසන නතාලියා වෙතින් පැමිණි “Still no. No signs even” අසුබ  sms පණිවුඩය සමඟ දිනය ඇරඹීමි. ඊයේ රාත්රියේ සිහිනයෙන් පුංචි පුතෙකු මා සුරතට පැමිණියේ . සුන්දර සිනාවකින් මුව සරසාගෙන සිටි ඔහු සිය සුහුඹුල් අතකින් මා සුළැඟිල්ලේ වෙලී සිටියේ . ඊළඟ මොහොතේ ඔහු විද්යාගාරයක වීදුරු බඳුනක සිටිනා අජීවී කලලයක් බවට පත් විය. මම තිගැස්සී අවදි වූයෙමි.නින්දත් නොනින්දත් අතර වේදනාකාරී පැය කිහිපයක් ගත කළෙමි.

 බියපත් වී සිටිනා ඇය සැනසීම දුෂ්කර විය. අන්ධයෙකුට තවත් අන්ධයෙකුට මග පෙන්විය හැකි ? "What if I am preganant?"ප්රශ්නය ඇය ඇසුවේ නැත. බියකරු යථාර්ථය, එනම් පිළිතුරක් නොමැති පැනයක් ඇසීමෙන් ඵලක් නොවන බව ඇයට වැටහුණු සෙයකි.
 

2010.04.06 සන්තුෂ්ගේ දිනපොතෙන්
මුත්රා පරීක්ෂණයක් සඳහා ඇය මා හා එකඟ වූවාය. එය සිදුවන්නේ හෙට දින ඇය කොළඹ පැමිනීමෙන් පසුවය. වේදනාකාරී පැය 72කට පසුව තවත් පැය 24ක් ගත කළ යුතුව තිබේ. මගේ සිතේ වද දුන් පැන් කිහිපයකි.



1. මා නතාලියා විවාහ කර ගත යුතු ද?

2. ඇය මා හා හදිසියේ විවාහවීමට සූදානම් ද?

3. මා පවුල් ජීවිතයක් ගත කිරීමට සූදානම් ද?

4. මා පියෙකු වීමට සූදානම් ද?

5. මගේ ආදායම ඊට සෑහේද?

6. මා බලාපොරොත්තුවෙන බිරිඳ නතාලියා ද?

7. මා ගබ්සා කිරීමක් සඳහා නතාලියා එකඟ කර ගත යුතු ද?

8. ඇය ඒ සඳහා එකඟ වේද?

9. ගබ්සාව යනු ප්‍රාණඝාතයක් ද?

10. ගබ්සාවෙන් පසු මා නතාලියා විවාහ කර ගත යුතුද?

 මට පිළිතුරු නොමැති පැන කිහිපයක් උවමනාවෙන් මග හරිමින් Mine Sweeper ක්රීඩාවේ නිරත්වන්නෙකු මෙන් ප්රවේශමෙන් අඩි තියමින් නතාලියා සනසමින් දිනය ගත කළෙමි.

 2010.04.07 සන්තුෂ්ගේ දිනපොතෙන්

ජීවිතයේ තීරණාත්මක මිලි ලීටර් 50 දියර බඳුන රැගෙන රෝහල වෙත පිය නැගීමි. හිස් හැඟීමක් ගත කළ පැය 12කින් පසුව පරීක්ෂණයේ ප්රතිඵල ලබා ගැනීමට නැවතත් රෝහල කරා ගියෙමි.
වෙව්ලන ඇගිලිවලින් ඇමුණුමි කටුව ඉවත් කර කවරයේ මුද්රාව බිඳීමි. නියපොත්ත තුළට පිවිසුනු ඇමුණුම් කටුවෙන් දැඩි වේදනාවක්ද රුධිරය බිඳක් ගලා ගියේය.

කවරය විවර කර පරීක්ෂණ ප්රතිඵල පත්රිකාව ඉවතට ගතිමි.


Wednesday, November 20, 2013

(05) මේ පාළු සීත රාත්‍රියේ, කියා දෙන්න රහසින්, ප්‍රේමය නම් කිමැයි කියා

When you are happy, you enjoy the music. But when you are sad, you understand the lyrics - Frank Ocean

මා අද ඉදිරිපත් කරන්නේ සන්තුෂ් බ්ලොග් අඩ්වියක් සඳහා 2010.03.20 දින ලියන ලද ගීත විචාරයකි. ඔහුගේ ගීත විචාරයක් මේ කතාවට අදාල වන්නේ කෙසේදැයි පාඨක ඔබ සිතනු ඇත. සන්තුෂ් ම ඔහුගේ ලිපියෙහි ලියන පරිදි අප වඩාත් කැමැත්තෙන් අසන්නේ අපගේ මනෝභාවයන්ට ආසන්න හැඟීම් ඇති ගීතයන් ය. සන්තුෂ්ගේ ගීත විචාරයෙන් ඔහු කියැවීමට උත්සාහ කරන්න.

-ප්‍රසන්න


මේ පාළු සීත රාත්‍රියේ, කියා දෙන්න රහසින්, ප්‍රේමය නම් කිමැයි කියා -සන්තුෂ් දිසානායක

සංගීතය පිළිබඳ මා අසා ඇති හොඳ ම නිර්වචනයක් වන්නේ "ශ්‍රවණය කළ හැකි හැඟීම්" යන්න යි.
අප රස විඳින බොහෝ ගීත එම වකවානුවේ හෝ එම මොහොතේ රස විඳින්නේ අප සිත් තුළ ඇති හැඟීම් සමුදායට අනුකූල වීම නිසාය. අපගේ ප්‍රියත ම ගීත අතර එක් එක් මනෝභාවයන්ට උචිත ගීත කිහිපයක් ම තිබීම අරුමයක් නොවේ.

මෙවන් පිවිසුමකින් මෙම විචාරය ඇරඹුනද එහි අරමුණ නව ගීතයක් පිළිබඳව විචාරයක් ලිවීම නොවේ.බොහෝ කලක සිට අප ශ්‍රවණයට නැගෙන චන්ද්‍රලේඛා පෙරේරාගේ " මේ පාළු සීත රාත්‍රියේ ගීතය අද විචාරයට ලක්වේ.

ප්‍රියානන්ද විජේසුන්දරගේ  පද රචනයක් වන මෙම ගීතය මුල් වරට අසන්නට ලැබුනේ 1980 දශකයේ බව මගේ මතකයයි. එහෙත් අද මා අතින් විචාරයට ලක්වන්නේ "අනුෂ්කා සෝමතිලක" නම් තරුණ ගායිකාවගේ නව ගැයුමකි.

ගීත විචාරයකදී මුල් ගීතය යොදා ගැනීම මගේ ප්‍රතිපත්තිය වුවත් අනුෂ්කා සෝමතිලකගේ ගීතයේ වූ සුවිශේෂතා රැසක් එම ප්‍රතිපත්තිය බිඳලීමට සෑහුනි. චන්ද්‍රලේඛා පෙරේරාගේ මුල් ගැයුමට වඩා අනුෂ්කා සෝමතිලකගේ ගැයුම මා හද බැඳ ගැනීමට සමත්වූ බව නොසඟවා කිව යුතුය. මුල් ගැයුමේ නොඇසුණු හැඟුමන් රැසක් අනුෂ්කාගේ ගැයුමේදී අසන්නට ලැබෙන බව යූ ටියුබ් වීඩියෝව නරඹන ඔබ මා හා එකඟවනු නොඅනුමානය. (මේ විඩියෝව සන්තුෂ් විචාරයට ලක්කල වීඩියෝවට පසුව අන්තර්ජාලයට මුදාහල විඩියෝවකි. මුල් වීඩියෝව සොයාගත නොහැකි විය - ප්‍රසන්න)


හැඟුමන් ගායනය ගීතයකදී එහි අර්ථය අසන්නා වෙත සම්ප්‍රේෂණය කිරීමේ උචිතම මාර්ගය යි. සංගීතයෙන් අදාල හැඟුම ප්‍රකාශයට පත් කළ හැකි වුවත් සංනිවේදනයේදී මිනිස් කටහඬ තරම් ප්‍රබල මාධ්‍යයක් තවත් නැත.

"මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"

අනුෂ්කාගේ හඬ "පාළු" සහ "සීත" යන වදන් යුග්මය උච්චාරනය කරනුයේ අසන්නාගේ ගතට ඒ හැඟීම් දැනවෙන ආකාරයට ය. ඒ හැඟීම් මැද සිත ඉන් මිදවිය හැකි හොඳ ම හැඟීම ප්‍රේමය නො වේ ද? අනුෂ්කා "ප්‍රේමය" යන් වදන ගයන්නේත් එම සිතුවිල්ලම උත්කර්ෂ්වත් වන ආකාරයකට ය.
මෙම අපූරු ගීතයේ තේමාව වන්නේ තම පෙම්වතාගෙන් දුරක සිටින පෙම්වතියක් ඔහුගේ ඇසුර පතනා ආකාරයයි.ප්‍රේමය හා අනුරාගය මුසුවූ හැඟීමකින් ඇය පෙළෙයි. මුළු ගීතය ම ඇයගේ අනුරාගයේත් විප්‍රයෝගයේත් ප්‍රකාශනයකි.

"නිදිමත තරුකැට කඩා වැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිනව බලා හිදී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා"

තරුකැට ද, සඳ ද අඳුරට ඉඩදී බලා සිටින්නේ මේ යුවලගේ අඩ නුවන් දැක ගැනීමටයි. ඇය බලා සිටිනුයේ ඔහු ඇයගේ ළය මඬල මත ඔහුගේ මුහුණ හොවාගෙන ප්‍රේමය යනු කිමෙක්දැයි ඇයට කියාදෙන තෙක් ය. කෙතරම් ශෘංගාරයක් ද? අනුෂ්කාගේ මෝහනීය හඬ ශ්‍රවණය වන විට අප ද මේ හැඟීමට පොළඹවයි.
මෙම කොටස ගැයීමේදී අනුෂ්කා පදමාලාව වරදවා ගායනය කරයි. ඇය ගයන්නේ
"දකින තුරා හැඩ නුවන් ඔබේ
සඟවා ළය මත ඔබෙ පණ රහසින්" යනුවෙනි. ඒ ගීතයේ ශෘංගාරය දනවන කොටස අත හැරීමකි. පදමාලාව නිසි ලෙස ගැයීමට ඇය සැලකිලිමත් විය යුතුව තිබිණි.

"ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් බිඳී
පිණි කඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් මෙයයි කියා"


මුළු පරිසරය ම ඉල්ලා සිටින්නේ පෙම්වතුන් දෙදෙනාගේ එක්වීමයි. ගහකොළ නිසලව හිඳී. පිණි වැටෙන්නේද කඳුලැලි මෙනි."සුසුමක් සුසුමට ලං කර ප්‍රේමය නම් මේ යැයි' කියා දෙන ලෙස පෙම්වතිය කියයි.
ප්‍රේමයෙන් ආනන්දයට පත් වූ යුවලකගේ දුරස්ථවීමේ විප්‍රයෝගය ගැන් ගැයෙන මේ ගීය යහපත් ගීතයකට පූර්වාදර්ශයකි.චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬට වඩා අනුෂ්කා සෝමතිලකගේ හඬ මාධූර්යය ගීතයේ තේමාව හා ගැලපේ.

අනුෂ්කාගේ සම්පූර්ණ වීඩියෝව පුරා ම දැක්වෙන්නේ ඇය අසුන්ගෙන ගීතය ගයනා අයුරුය. ඇය සිය හැඟීම් නිරූපනය කිරීමට සාත්වික අභිනය ද යොදා ගනී. ඉතා සියුම් චලනයන්ගෙන් ඇය ඉතා සූක්ෂම ලෙස භාව ප්‍රකාශ කරයි.

සිය සහකරුගේ හෝ සහකාරියගේ ඇසුරින් ඈත්වී සිටිනා එහෙත් එයම පතනා පෙම්වතියකට හෝ පෙම්වතෙකුට මේ ගීය සිය මනෝභාවයන් හා කදිමට සුසර වනු ඇත. වරක් දෙවරක් නොව බොහෝ වාර ගණනක් අනුෂ්කා සෝමතිලකගේ මධුර හඬින් ගැයෙනු ඇසීමට ලොබ බඳිනු ඇත.මා හට සිදුවූ වූයේද එය ම විය හැක.

Friday, November 15, 2013

(04) ඔබ මට තිලිණ වෙලා - They spend a night out

සන්තුෂ්ගේ දිනපොතෙන් - 2010.02.10

ප්‍රේමය මගේ ජීවිතය වෙලාගෙන ඇත. ඒ පිලිබඳව කිසිදු සැකයක් නොමැත. මම, නතාලියා හා මගේ සබඳතාවය ප්‍රේමයක් බවට පත් නොවීමට ගත යුතු සියලු පියවර ගතිමි. විටෙක උවමනාවෙන් ම ඇයගේ සිත රිදවීමි. තවත් විටෙක ඇය නොසලකා සිටියෙමි. එහෙත් ඉන් අත්වූ පලක් නැත. අද ඈ මගේ පෙම්වතිය වී සිටියි. ගින්දර සමග තිබූ පුළුන් ගිනිගෙන තිබේ !

ඈ සුන්දර යුවතියකි. දක්නා කෙනෙකුට නැවත හැරී බැලීමට සිතෙන තරමේ ලස්සනක් ඈ සතුය. ඈ හොදින් ආදරය කරයි. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා ඇය මගේ පෙම්වතිය කර ගැනීමට මා හට මැලිකමක් තිබිණි.ඒ ඇය වෙනත් කිසිවෙකු හා විවාහ වී සිටි නිසා ද? මගේ ජීවිතයේ මා සබඳතා පවත්වා ඇති යුවතියන් ගණන අතේ ඇගිලිවලට වඩා වැඩිය. ඔවුහු සියලු දෙනා ම කිසියම් ආකාරයක කටයුත්තක් සඳහා මා සමග යහන් ගත වූහ. එසේනම් මා සොයන්නේ කුමක් ද? නතාලියා බටහිර පැලන්තියට ගත කරන සරල දිවිය මා කැලඹීමට පත් කලා ද?  කෙසේවෙතත් මා මේ සියල්ල සිතමින් සිටිනා අතරතුර ම නතාලියා හා පෙමින් බැඳී තිබිණි.

අප පෙම්වතුන් වූ දිනය කවදාදැයි කියා මා මතකයේ නොමැත. ඒ සරල රේඛාවක දෙපසට බෙදා මින් පෙර මිතුරන්, මින් පෙර පෙම්වතුන් යැයි වෙන් කර ගත හැකි සබඳතාවක් නොවේ. මා ඇගේ අතින් අල්ලාගෙන සිටි දින ගණනත්, ඈ මගේ උරහිසේ හිස රඳවාගෙන සිටි පැය ගණනත් අප මිතුරන් ව සිටි අවධියේද බොහෝ ය. ඒ මොහොතේ අප මිතුදම සහ පෙම්දම අතර හැඟීමක දෝලනය වෙමින් සිටියෙමු. එහෙත් එක් දිනක, එක් මොහොතක මා-ඇය දෙතොල් පැටළුනු මොහොතක් එළැඹිනි. ඉන් පසුගමනක් නොවිණි.

අමා දිය
ගලා එන
ගඟ'ස
නැවියෙකි මා
සොයනා නැවතුම්
දෙතොල් ඉවුරු බඩ

ඊයේ දිනය ඒ සියල්ල ට ම වඩා සුවිශේෂය. ප්‍රථම දෙතොල් සිප ගැනීමෙන් පසු මේ ගමන කොයි දෙසකට ද කියා අපි දෙදෙනාම දැන සිටියෙමු. වැඩිහිටියන්වූ අප පෙම්වතුන් වූ පසු, පෙම්වතිය පලමු විවාහයෙන් වෙන්වී සිටින්නියක් නම් තැනෙන මාවත දෙසට අපි පියමනිමින් සිටියෙමු. ඒ මාහටත් වඩා නතාලියාට අවශ්‍ය වූ බවක් පෙනිණි. ඒ මා ඇය හා මගේ දිවිය බෙදා ගැනීමට එකඟ වූ නිසා කෘතගුණ සැලකීමක් ලෙසද, නැතහොත් ඇයගේ ශාරීරික අවශ්‍යතා මත ද යන්න මට ද ගැටළුවක් වූයේ නැත. ඒ අනුව අප දෙදෙනාගේ ප්‍රථම සංචාරය සැලසුම් විණි. ඒ ගමන අවසන් වූ අද, මම දිනපොතෙහි ඒ ආශ්වාදය සටහන් කරමි.

ගමන සැලසුම් වූයේ ඇයට ඇවැසි ලෙසට ය. කසාදය අතහැරී නිවසට වී සිටින තරුණ දියණියක් කොහේ හෝ තැනක රාත්‍රියක් ගත කරන්නට සැලසුම් කරන පහසු ආකාරය දැක මම ඇගේ මෑණියන් ගැන මවිත වී මි. සංස්කෘතියේ වෙනස හෝ මවගේ නොසැලකිලිමත් බව යැයි සිතා, සිත හදා ගතිමි. රයන්ට පසුව තවත් කීදෙනෙකු හා ඇය මෙවැනි ගමන් යන්නට ඇතිදැයි මට නොසිතුනා නොවේ. එහෙත් ඈ කුඩා දැරියක සේ උද්‍යෝගයෙන් ගමන සැලසුම් කරනු දැක සතුටු වී මි.


ගමන ඇරඹුණු මොහොතේ පටන් ඇය ඉතා සැහැල්ලුවෙන් හැසිරුනා . මගේ උරහිසේ හිස හොවාගෙන Arash ගේ I am so lonely Broken Angel ගීතය මුමුණමින් සිටියාය. රථය සෙමින් ධාවනය කරමින් මම ඇගේ උණුසුම විඳින්නට තැත් කළෙමි.

"සන්තුෂ් ඔයා මොකද කල්පනා කරන්නේ? ඇය ගීතයෙන් මිදෙමින් ඇසුවාය.

"මොනවත් නැහැ."

"You must be thinking of me. මං නරක ගෑණියෙක් කියලා හිතනවා ඇති. මං එහෙම නෑ"

"ඔයා නරකයි කියලා මං හිතුවේ නෑ, මං එහෙම කිව්වෙත් නැහැ.මට ඔයාව තේරුම් ගන්න පුළුවන්."

"මා තේරුම් ගත්ත කෙනෙක් හිටියේ නැහැ සන්තුෂ්. You are the only one who truly loved me. ඔයා විතරයි මං ගැන සැලකිලිමත් වුනේ. I want to thank you for that bub "

"Don't worry about those things now. Let us spend these days together. මං දන්නවා මේ දවස් අපිට සතුටක් ගෙනෙයි."

"Thanks bub."

ඇය මට බබා යයි අමතා දැන් එය තවත් කෙටි කොට  Bub නමින් මා අමතයි.

මීගමුව වෙරළේ කුඩා සංචාරක නිකේතනයක් අපේ නවාතැන විය. සවස් යාමයේ එහි පැමිණ, රාත්‍රිය ගතකොට පසුදින දිවා ආහාරයෙන් පසුව පිටත්ව යාම අපගේ අරමුණ විය.
සංචාරක නිකේතනයට පැමිණි අපි මුහුදු වෙරළට විත් සවස් යාමය ගත කිරීමට තීරණය කළෙමු. මගේ ආදර සබඳතා මුහුදු වෙරළ හා පුදුමාකාර බැඳීමක් තිබිණි. මංජුලා නමින් දෙදෙනෙකු, චන්දිමා නමින් දෙදෙනෙකු, චංචලා නමින් හා ඉනෝකා නමින් එක් අයෙකු ලෙස අරුම පුදුම වූ මගේ පෙම්වතියන් ලැයිස්තුවෙන් බොහෝ දෙනෙකු හා මුහුද හා සබැඳුනු අත්දැකීම් තිබේ.
සවස් කල බැසයන හිරු එළිය හා යන්තමින් දෙපා තෙමෙනා රළ රැළි මගේ සිතේ ඇති කළේ අමුතු ම චමත්කාරයකි. ඒ සමග ම මා උරහිසේ හිස හොවා ගෙන සිටිනා සිත් ගත් යුවතියක් සිටීනම් තවත් කුමන සතුටක් ද?
නතාලියා කැඳවාගෙන මගේ කැමරාවද රැගෙන මා වෙරළ කරා දිව ගියේ කාමරයේ සිදුවීමට නියමිත කර්තව්‍යය හදිසියේ සිදුවනු වැලක්වීමත් සිත් කොනක රඳවා ගෙනය. හදිසියේ සිදුවන ලිංගික කටයුත්තකට වඩා කෙමෙන් කෙමෙන් මෝදු වී පරිසමාප්තියට පත්වන තෘප්තියකට මම ප්‍රියැත්තෙමි.

බැසයන හිරු පසුබිම් කරගත් නතාලියාගේ ඡායාරූප ගොන්නක් මගේ ඩිජිටල් කැමරාවේ සටහන් විණි. ඡායාරූප සඳහා නිරූපනයේ යෙදීමට ඇය කිසිදු මැලි බවක් දැක්වූයේ නැත. මගේ පරිගණකයේ ඒ ඡායාරූප දෙස බලනා මාගේ සිත් ඇදගත් එක් ඡායාරූපයක් වේ.රාමුවේ කෙළවරක හිඳ නවාගත් හිසකින් යුතුව හිරු බැස ගිය මුහුද දෙස බලා සිටිනා නතාලියාගේ ඡායාරූපය ඇයගේ ජීවිතය ම සංකේතවත් කරනු වැන්න.


ඒ සමග ම වැල්ලේ සටහන් වූ අප දෙදෙනාගේ  පියසටහන් දැක්වෙන ඡායාරූපයද මගේ ප්‍රියතම ලැයිස්තුවේ ඉහළ තැනක වැජඹෙයි.ගූගල් සෙවුම් යන්ත්‍රය යොදාගෙන search කළ විටෙක මෙවැනිම ඡායාරූප මිලියන ගණනක් සොය ගත හැකි වුවත් ඒ අතර මගේ ඡායාරූපය සුවිශේෂයැයි මට හැඟේ. වෙරලට නොදැනෙන තරමට සියුම්ව තැබූ අඩි සලකුණු එක් පැත්තකට බරවූ බවක් පෙනේ.ඒ පා සටහන් හිමිකාරිය මිහිමත සිය පැවැත්ම පිළිබඳ අවිශ්වාසයකින් පෙළෙන බවකි.ඒ සමග ඇති අනෙක් පා සළකුණු බරය, සෘජු ය

කෙළිදෙලෙන් පසුවූ හෝරා කිහිපයකින් පසුව අපි කුටියට ඇතුළු වූයෙමු. දිය යට තෙරපාගෙන සිටි රබර් බෝලයක් එක් මොහොතකදී පොලා පනිනාක් මෙන් යටපත් කරගෙන සිටි අප හැඟුමන් පිටතට පැන්නේ එක් මොහොතකදී ම ය. මා තුරුළට ගුලිවූ නතාලියාගේ දෙතොල් මා දෙතොල් අපෙක්ෂාවෙන් ඉහළට එසැවෙනු දුටු මම ඊට ප්‍රතිචාර දැක්වූයෙමි.

ඇගේ සුසුම් උණුසුම් ය. දෙතොල් සීතල ය. හිසකේ සුවඳවත් ය. සිරුරෙන් අමුතුම උණුසුමක් ගල ආවේය. පියැවුණු දෙනෙත, පියැවුණු දෙතොල හරහා මගේ උණුසුම් හාදු පහලට ගල ආවේය. නිරාවරණය වූ ඇගේ රුව මා දුටු සුන්දරත ම දසුන යි.

මා ඔබේ රත් අදර උරන විට
තන පුඬුව ඊර්ෂ්‍යාවෙන් බරව
කලු පැහැ ව
උඩුහුරුව
ඒ දෙස බලමින් සිටී.
(මහගම සේකර -හෙට ඉරක් පායයි )

කාලය නැවතුනාක් සේ හැඟුණු හෝරා කිහිපයක් අපි උතුරන සතුටක ගිලී සිටියෙමු. සිත ගත සනසාලන හැඟීම් සමුදායකින් වෙලී සිටියෙමු.

රළ පෙළ වෙරළ වැළඳ ගත්තේය. නැවත කෙමෙන් කෙමෙන් වෙරළෙන් නික්ම ගියේය. යලිත් විත් වෙරළ තෙමා ආපසු සයුර බලා ඇදුනේය. වේගවත් ව ආ රැල්ලක් හඬක් නගා බිඳී පෙණ විසිරුවා වෙරළ වැළඳ නිහඩ විය.
දින දෙකක් පුරා බොහෝ වතාවක් රළ, වෙරළ වැළඳ ගති. බොහෝ වතාවක් පෙණ කැටි බිඳී වැලි අතර සැඟවිණි. වෙරළක් නොමැතිව සයුරක් ද, සයුරක් නොමැතිව වෙරළක් ද පැවතිය නො හේ.

Monday, November 11, 2013

(03) තටු සිඳුණු සුර දූතිකාවකගේ කතාව - Nathalia writes to Santhush



පහත දැක්වෙන්නේ නතාලියා සන්තුෂ් වෙත එවා තිබූ මේල් පණිවුඩයකි. එය ඉංග්රීසි භාෂාවෙනි. සමඟ තිබූ Arashගේ ගීතයේ ලින්කුව වෙනුවට යූ ටියුබ් වීඩියෝව එක් කර ඇත. ගීතයේ වදන් සමග ඉංග්රීසි පරිවර්තනයක්ද ඇත.
ගීතයේ දර්ශන නතාලියාගේ කතාවට අදාල වන්නේ කෙලෙසද යන්න පිලිබඳ මට වැටහීමක් නැත. I am so lonely Broken angel යන්න පමණක් සන්තුෂ්හට පැවසීමට අවශ්‍ය වූවාදැයි සැක සිතේ.
ඊ මේල් පණිවුඩයේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

ඉංග්‍රීසි ඊ මේල් පණිවුඩයද වෙනම ඇත.

න්තුෂ් මීට පිලිතුරු ලියූ බවක් පෙනෙන්නට නැත. ඒත් කලකට පසුව ඔහු තබා තිබූ දින සටහනකින් ප්‍රතිචාරය කුමක්දැයි අනුමාන කළ හැක.
 
ගෙන් : ඈන් නතාලියා පෙරෙයිරා               2009.11.02 පස්වරු 10:25
වෙත  : සන්තුෂ් දිසානායක


සන්තුෂ්,

මා විවෘත වැඩියැයි ඔබ සිතනවා ද? මම මගේ හැඟීම් පිලිබඳ ව ඔබට විවෘත වූයෙමි, එහෙත් මගේ අතීතය පිලිබඳ විවෘත නොවූයෙමි.

ඔබ අසල සිටින විට මට මහත් සැහැල්ලුවක් දැනේ. ඔබ මගේ ජීවිතයට උණුසුමක් ගෙන එයි. ඔබ මා පිලිබඳ ව සැලකිලිමත් වෙයි. ඔබ මා සිහියේ රඳවා ගනී. මට එවැන්නක් හුරු නැත. කිසිවෙකුත් මා මතකයේ රඳවා ගෙන නැත.

මගේ මවගේ විවාහය ගැටළුකාරී ය. මට මතක ඇති කාලයේ පටන් මා දෙමව්පියෝ වෙන්වී සිටියහ. අම්මි තාත්තිගේ මිතුරෙකු සමග ජීවත්වීම අරඹන විට මගේ වයස අවුරුදු 5කි. තාත්තිටත් ඔහුගේ ම පවුල් ජීවිතයක් තිබිණි. අක්කිටත් මටත් නාවල අප නැන්දා කෙනෙකුගේ නිවසේ නතර වීමට සිදුවිය. මගේ පාසල් ජීවිතය අවසන්වූ පසුව මම නැවතත් අම්මි වෙත පැමිණියෙමි.මා ගැන සිතීමට ඇයට වෙලාවක් තිබුනේ ම නැත. ඇය සිතුවේ අප අප ගැන ම බලා ගත යුතු බවයි.

මම ඉක්මනින් ම අම්මිගේ අකමැත්ත මත ම රයන් හා විවාහ වූයෙමි. අම්මි ඊට විරුද්ධ නොවුනා නම් මා රයන් හා විවාහ නොවීමට ඉඩ තිබූ බව මට දැන් සිතේ. සමහර විට මට අවශ්‍ය වූයේ ඇයට රිදවීමට විය හැක. අවසානයේ රිදවුනේ මට ම ය.

මම තීරණ ගතිමි. මගේ කටයුතු පිලිබඳ මා තනිව ම තීරණ ගතිමි. එසේ නොවෙතත් මා සම්බන්ධ තීරණ ගැනීමට වෙනත් කිසිවෙකු සිටියේ නැත. ගැටළුව වූයේ මා ගත් තීරණ නිවැරදි නොවීමයි. හිතුවක්කාර ලෙස මා ගත් වැරදි තීරණ මත ම සිටීම මගේ අනෙක් අනුවණකමයි.

රයන් යනු මා හට සිදුවූ වැරදීමකි. ඔහු ජීවිතය වින්දනය කළ ආකාරයට මා කැමතිය. ඔහු සාද ප්‍රිය කරයි. මා වටහා නොගත් කරුණ වූයේ ඔහු කළ එක ම දෙයත් එයම පමණක් බව යි. ඔහු සෑම දිනක ම නිවසට පැමිණියේ බීමත් ව ය. සමහර දිනෙක ඔහු නිවසට පැමිණියේ ම නැත. කුලී නිවෙසක තනිවම රාත්‍රිය ගත කිරීමට මා හට සිදු විය. දිනෙක ඔහුගේ ජීවිතයේ තවත් කාන්තාවක් සිටිනා බව මට දැන ගැනීමට ලැබිණි. අවසානය එය විය. මම නැවතත් අම්මි සමඟ ජීවත් වීම ඇරඹුවෙමි. වයස විස්සේදී මා වරක් විවාහ වී දික්කසාද වී හමාර ය. 


මා සිතුවේ වැරදි පුද්ගලයා හා විවාහ වී සිටීමට වඩා දික්කසාද වීම යහපත් බවයි. ඒ ඊළඟ වරදයි. මා දික්කසාද වූවකු බව දැනගත් සෑම පුරුෂයෙකුට ම අවශ්‍ය වුයේ මා හා යහන් ගත වීමට යි.  අනෙක් බොහෝදෙනා සිතුවේ මා මිතුරුදම් පවත්වන සෑම පුරුෂයෙකු සමග ම යහන් ගතවන බවයි. මට මිතුරන් ඇසුරු කිරීමට නොහැකි විය, මට සාද සඳහා සහභාගි වීමට නොහැකි විය. බොහෝදෙනෙකුට අවශ්‍යවූයේ මා හා ලිංගික සම්බන්ධතා පැවත්වීමට පමණි. මට මේ ලෝකයෙන් අතුරුදන් වීමට අවශ්‍ය විය, මේ කුරිරු ලෝකයෙන් ඈත්වීමට අවශ්‍ය විය. ඔව්, මා ඊළඟට කලේ එයයි.

මම මෙගේ රැකියාව වෙනස් කළෙමි, දුරකතන අංකය වෙනස් කළෙමි. මා දන්නා සියළුදෙනාගෙන් ඈත් වුනෙමි. මගේ මිතුරන් සංඛ්‍යාව අල්ප වූ නිසා එය එතරම් අපහසු වූයේ නැත. නව රැකියාවට සහ නව මිතුරු කැළට මා අවිවාහක යැයි කීවෙමි.

එවිට ඔබ මගේ ලෝකයට පැමිණියේය. දැන් මා ඔබ සමඟ සියළු දේ පවසමින් සිටිමි.

මේ සියල්ල ඔබට පවසන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැත. ලෝකයෙන් මා වසන් කල සියල්ල මා ඔබට පවසමින් සිටිමි.
මා ඔබෙන් කිසිවක් ඉල්ලා සිටින්නේ නැත. ඔබ දැනටමත් මා හට සලකන අයුරින් දිගට ම සැලකීම ප්‍රමානවත්ය.
අරාෂ්ගේ I am so lonely Broken angel ගීතයට මා කැමතිය. ඔබ ඊට සවන්දී ඇති බවට මට සැකයක් නොමැත.

ආදරෙන්,

නතාලියා

From : Anne Nathalia Pereira                                             Sent 02/11/2009   10:25pm
To      : Santhush Disanayake


Santhush,

Am I too forward? Am I too open?  I have been open with you about my feelings, but not about my past.

I always feel relaxed when I am with you. You bring lot of warmth to my life. You care for me. You remember me. It is something that I am not used to. No one used to remember me.

My mother had her own issues in her marriage. My parents were separated from the days that I can remember. Ammi started living with a friend of Thathi’s when I was 5. Thathi started his own family life. Akki and me were at a place in Nawala with one of our aunts. I came back to live with Ammi after I finished my schooling. She never had time for me. She thought we should look after ourselves.

Soon I married Ryan against Ammi’s wish. I now feel that I wouldn’t have married him if Ammi didn’t object. Maybe I wanted to hurt Ammi. End of the day it was me who got hurt.

I took decisions; I always took decisions on my things, since there was no one else to take decisions on behalf of me. But the problem was I took wrong decisions. And I was foolish enough to adamantly hold on to those decisions.

Ryan was a mistake. I liked the way he enjoyed life. He is a party animal. But I didn’t realize that it was the only thing that he did. He came home drunk every day. Certain days he didn’t do that as well, he stayed somewhere. I had to be alone in the rented house. Oneday I found out that he had another woman in his life. That was the end of it. I came back to live with Ammi. I was married and divorced by age 20.

I thought it was good to be divorced than be with the wrong person. Wrong again. Every man I met wanted to sleep with me knowing that I was a divorcee. Others thought that I sleep with everyone I am friendly with. I could not have friends, I could not go out. All of them wanted sex. I was frustrated, I was fed up. I was about to lose my senses. I wanted to disappear from this world, to be away from the wicked world. Yes, I just did that.

I changed my job, email address, mobile number and disappeared from the known world. It was easy since I had very few friends. To the new office and new set of friends I was single and unmarried. Then you came into my world. Here I am telling you everything.

I don’t know why I am telling you all these. All the things I have hidden from the world, I am telling you now.

I am not asking for anything from you. May be only asking you to continue treating me the same way you have been doing.

I like the song "I am so lonely broken angel" by Arash. I am sure you would have listened to it.

Love.

Nathalia



I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart

I have loved you
Don't let my eyes cry
No, I can't
Without you I'm depressed

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

Where ever you are I'm beside you
To the end, I'm crazy of you
You, you don't know that you are my life
Come back to me

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

La la leyli la la leyli la laaa...

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

La la leyli la la leyli la laaa...