Wednesday, March 2, 2016

රපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ - මහ දවල් දුටු විකාරරූපී සිහිනය



රපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ
දවල් දුටු හීනයක උණ්ඩකපුච්ඡයේ හිරවෙලා

දොලදුකට බිලිවෙලා සිරවුනු එක්ටැම් මැදුරෙ
දොර අගුළු ඇර ගන්න, ස්වර්ගීය ගී ගයන්න

රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න
රන්වන් තරප්පුව නැග හද ගැබට පිවිසෙන්න
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

රපන්සෙල්, රපන්සෙල්, බස්සිත් එක්ක ම ඛය්යාම් ඇවිත්
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

කුදු ගැහුනු ගොතෙල්ගෙ වෛරයෙන් ඇස් වැනසුනත්
ඔබෙ මිහිර විඳින්නට වරක් හෝ, කෙස් රෑන බිම ලන්න

1 comment:

  1. රපුන්සල් වෙම්වද
    බිඳුණු හද කැට කැබලි
    එකතු කොට
    තනා ලූ පවුර මත
    අඳුරු කුටියක වෙසෙන...

    අක්බඹරු කෙහෙරැල්ය
    රන්වනින් නොම දිලෙන
    මඳ මඳ ව මුදු බැඳුණු...
    දියැල්ලක් ලෙද
    නොම හැලෙන මුදු
    හෙමි හෙමින් දිගෑදෙන
    පහන් තරුවක නමින...

    රපුන්සල් වෙම්වද
    බිඳෙන සිහින ම දකින
    දකින සිහින ම රකින
    රකින සිහිනයෙ මියෙන...

    ReplyDelete

Like to hear what you have to say.