Tuesday, April 5, 2016

සූර්යයා මහීකාන්තාවට කියූ කවිය








රැයක් දවාලක් නැහැ
හැමදා ම මහ මග ම

කැරකිලා මං වටේ
දොස් පරොස් ඇයි ඔබෙන්?
කැරකෙන්නේ මං නොවෙයි
 
කොපුල්තල පිරිමදිමි,
උදෑසන හැමදා ම.

දවල් වැඩ යමරෙට
 
මල් පියලි මත හිම ව,
පිනි කඳුලු අතුරන්න
බිම අතුල දිය බිංදු
අහස් කුස රන්දන්න,
මිහිකතේ ගී බුබුල
වැස්සක්ව වස්සන්න,
වැව් දියේ රළ නගන
මුදු සුළඟ උපදන්න,
 
වැඩ වැඩ හොඳටෝ ම වැඩ

විලි වහන කම්බිලිය,
කොළපාට කම්බිලිය
ආ! සැඳෑ පොරෝණය,
වියන්නෙත් මම ම නේ

ඉර සැර වැඩි ඇයිදෝ
නොදන්නා හැඩයි ඔබ?
 
 මං නිවාඩු හෙට සිට

2 comments:

  1. ආදරේ හරි කරදර
    ඉරටත් හරිම හිරිහැර
    සැර වුණත් කොච්චර
    ඔබ ඉර ය මට සුන්දර...

    ඉර නිවාඩු නම් ලොවම අඳුරු වේවි...

    ReplyDelete
  2. අනෙ ඉර මේ අහන්න
    ඇයි මේ තරම් සැර
    දරන්න බැහැ තව
    ඔබේ මේ රශ්මිය

    ReplyDelete

Like to hear what you have to say.