Thursday, November 7, 2013

(02) දළුලන හැඟුමන්...

සන්තුෂ්ගේ දිනපොතෙන්

2009.10.03


 “How was the mehendhi party?” මගේ පුද්ගලික දුරකතනයෙන් ඇයට කෙටි පණිවුඩයක් යැව්වෙමි. මගේ මේ අංකය ඈ සතුව නැත.

“Good. Who is this?” පිළිතුර ලැබිණි.

“Was it colourful like in those Hindi movies?” මම නැවතත්  text කළෙමි.

“Yes, It was. But who is this?”

“Did you take any photos?”

“The photographer did.”

“You didn’t? Then how can I see them then?”

“Can you kindly tell me who this is? I don’t like texting strangers.”

“Well, you have already been doing it. BTW you looked beautiful in that shalwar.”

එතැන් පටන් දුරකතනය නිහඬ විය. ඇය පිලිතුරු නොදෙන බව මම දැන සිටියෙමි. මේ text එවන්නේ  මා බව තේරුම් ගැනීමට අවශ්‍ය ඉඟි ඕනෑ තරම් එ තුලම සැඟවී තිබිණි. එහෙත් ඒ මා දැයි විමසන්නට ඇයට නොහැක. වෙනත් කිසිවෙකු නම් ඇගේ "පටි රෝල්" වන නිසාය. පෙරදින බස් රථයේ ගමන් කරන විට මෙහෙන්දි සාදය පිලිබඳ මා හා පැවසූ බව ඇයට මතක තිබිය යුතුය. නො එසේ නම් ඇය මේ විස්තර පැවසුවේ මා සමඟ පමණක් නොවෙයි ද ?

මම දුරකතනය අතට ගෙන ඇයගේ අංකය ඇමතීමි.

“Hi, Nathaliya it’s me”

“I knew it was you. I was 90% sure. But then again I was not certain”

“I know you can’t take a chance. Suppose it was someone else. I can understand”

“But you got me!”

“How was the party?”

“Oh, It was nice. Akki and me are returning now.”

“Ok. Good. This is my personal number. Catch you later.” මම දුරකතනය විසන්ධි කළෙමි.

2009.10.05


අද කාර්යාලයට පැමිණෙන   විට ඇයගේ දෑත ම මෙහෙන්දි රටාවලින් අලංකාර වී තිබිණි. ඒ සත්‍ය ලෙසම සුන්දර ය. කුමන හෝ හේතුවක් නිසා මම මෙහෙන්දි රටාවලට ඇලුම් කරමි. මෙහෙන්දි රටාවලින් අලංකාරවූ යුවතියක් දළු කොලපැහැති සාරියක් පැලඳ ඉන් ම හිස වසා සිටින රූපයක් මගේ මනසේ ඇඳී තිබේ. නතාලියාගේ දෑතෙහි වූ රටා ස්පර්ශ කිරීමේ මගේ ආශාව මා මැඩ ගත්තේ දැඩි අසීරුවෙනි. මා මෙහෙන්දි රටාවලට කැමති බව පෙරදින මා ඇයට පැවසූ නිසා ද ඇය ඒ ඇඳගෙන පැමිණියේ ? නැතහොත් මගේ ආශාව ඇයට විශේෂත්වයක් නොවී ද? එහෙත් තම මෙහෙන්දි රූ රටා මා හට පෙන්වීමට ඈ විශේෂ උත්සාහයක් ගත් බව නම් මට හැඟිණි.
 


“it’s really nice.” මම ඇයට කෙටි පණිවුඩයක් යැව්වෙමි.

“What is nice”

“Mehendhi art on your hands”

“not me?”

“you too. It’s nice on you”

2009.10.19


කාර්යාලයේදී නතාලියා මා සිටිනා ඉසව්වේ ගැවසෙන කාලය උවමනාවට වඩා වැඩි බව මට දැනේ. ඒත් හැම විටකම කිසියම් හේතුවක් ඇතිව බව පෙන්වීමට ඇය උත්සාහ දරයි." දැන් බඹරු හොයාගෙන මල් එනවලු" කවුදෝ ඇනුම් පදයක් කියනු මට ඇසුණි. ලිපිලේඛන, වාර්තා පිලිබඳ උපදෙස් ගැනීමට ඇය නිරතුරු මා අමතයි. දැනුම බෙදා හැරීමට මාහට කිසිදිනෙක මැලිකමක් තිබුනේ නැත. අද කිසියම් විහිලුවකදී ඇය මා උරහිසේ එල්ලී සිනාසුනාය. එය අත්වැරැද්දක් දැයි පැහැදිලි නැත.

මා ඇය ගැන දිනපොතේ ලියන්නේ ඇයි?

2009.10.23


අද සවස මා කාර්යාලයෙන් පිටවූ විට ඇය මා ඇමතුවාය. මා මරදානේ සිට කොට්ටාවට පැමිණෙන තෙක් මා හා දුරකතනයේ රැඳී සිටියාය. අප කතා කලේ කුමක් පිලිබඳව දැයි මට සිහියට නොනැගේ. මා ඇයට තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදෙන මෙන් පැවසූ බවක් මතකය.

“You will help me. Right?”

"ඔව් මම උදව් කරන්නම්" එය කියැවුනේ අතීශය ස්වාභාවික ලෙසය.

අරමුණක් නැතිව ඔහේ කියවන ගිරවියක හා පැයක් දොඩමළු වීමි.

2009.10.30


සැමදේ සිදුවන්නේ ඉතා වේගයෙනි. ඇය කාර්යාලයෙන් පිටවූ විට මට දුරකතන ඇමතුමක් ලබාදීම දැන් දින චර්යාවකි.

මා අත මැටි පිඬක් වෙයි. මා ඉන් කුමක් අඹන්න ?

 

2009.11.02


අද දින දුරකතන සංවාදය අවසන ඇය අමුතු කතාවක් කීවා .

"සන්තුෂ්, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. I need to tell you something"

“What is it?”

“I’ll tell you tomorrow”

“What is it? Anything important ?

“Yes. I’ll tell you tomorrow.”

 

7 comments:

  1. මේක මම දැක්ක අළුත්ම තාලේ කතාවක්... මොකද බාෂාවන් දෙකක් එක විට භාවිතා වීමෙන් නැවුම් ගතියක් තියෙනවා.. හොදයි කරගෙන යමු.. කියවන්න කිසිම අපහසුවක් නැහැ හොදයි

    ReplyDelete
  2. වෙනස් කතාවක්. ඉතුරු ටික එනකම් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  3. මාත් කැමතියි. සයිබර් නවකතාවක් ලියද්දි යම්කිසි නිශ්චිත පරතරයකින් දාන්න පුළුවන් නම් හොඳයි. ඕනෑවට වඩා ප්‍රමාද වීම හොඳම නෑ. සුභපැතුම්!

    ReplyDelete
  4. උත්සාහය දින 3-5 අතර කාලයකදී අලුත් කොටසක් ලියන්න. අගය කිරීමට ස්තුතියි.
    මීට පෙර කිසිදු දවසක බ්ලොග් එකක් ලියා නැහැ. අඩුම තරමේ නවකතාවක්වත් ලියා නැහැ.

    ReplyDelete
  5. nice story,,,,keep it up,,,,

    ReplyDelete
  6. හොඳ, වෙනස් ආරම්භයක් අරන් තියනවා... දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා....

    ReplyDelete
  7. හදිසියෙන් ඇහැ රැඳුනා
    කියවන්නට හිත හැදුනා......

    ReplyDelete

Like to hear what you have to say.